මාදැලකට හසුවි නාවක්කාඩු වෙරළකට ආ ලෝකයේ ජීවත් වන විශාලතම මත්ස්‍ය විශේෂයක් වන දැවැන්ත මිනිමුතු මෝරෙකු (Whale-Shark) නැවත මුහුදට යැවිමට අද (30) කටයුතු කළ බව නොරෝච්චෝල පොලිසිය පවසයි.
අඩි 38 කට ආසන්න දිගකින් යුතු කිලෝ 4000 කට වඩා බරකින් යුත් දැවැන්ත මීනිමුතු මෝරේකු මෙලෙස පැමිණ තිබේ. පසුව නාවික හමුදා වෝටර් ජේට් යාත්‍රාවකින් ධීවරයන්ගේ සහයෝගය ඇතුව පැය 3 ක පමණ මෙහෙයුමකින් මුහුදට පිටත් කර යවා තිබේ.
ගොඩට ආ මෝරා මාදැලේ හිමිකරුවන් හා ආසන්නයේ සිටි ධිවරයින් පිරිසක් මෙම මීනිමුතු මෝරා මුහුදට යැවිමට කටයුතු කර තිබුණද නොහැකි වු නිසා එම ස්ථානයට පැමිණි නොරෝච්චෝල පොලිසිය හා ඉලන්තඩිය වනජීවි නිළධාරි කාර්යාලයේ නිළධාරින් නාවික හමුදාව දැනුවත් කිරීමෙන් පසු ඔවුන් පැමිණ ඒ සදහා සහාය ලබාදි තිබේ
මිණිමුතු මෝරා යනු මහ සයුරේ ජීවත්වන විශාලතම මත්ස්‍ය විශේෂයයි. Whale-Shark ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන මේ මත්ස්‍යයාගේ සිරුරේ ඉතා අලංකාර ලෙස තිත් පිහිටා තිබිම හේතුවෙන් සිංහල බසින් මිනි මුතු මෝරා ලෙස හඳුන්වයි.
විද්‍යාඥයන් පවසන්නේ මිණිමුතු මෝරා මීටර 20 ක් පමණ විශාලව වැඩෙන බවයි
