රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් 26,000ක් ගුරුවරුන් ලෙස බදවා ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
2018, 2019, 2020 වකවානුවේ රාජ්‍ය සේවයට එක් වූ සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් ඉලක්ක කරගෙන මෙම පත්වීම ලබා දෙන අතර වයස අවුරුදු 40 නොඉක්මවන සියලුම ඌණ සේවා නියුක්ත උපාධිධාරීන්ට ද මේ සඳහා ඉල්ලුම් කළ හැක.
මාර්ගගත ක්‍රමයට https://applications.doenets.lk/exams යන වෙබ් අඩවිය මගින් අයදුම්පත් යොමු කිරීමට සති දෙකකට වැඩි කාලයක් ලබා දී ඇත
අයදුම්කරුවන්ට තමා පදිංචි පළාතේ හෝ ආසන්නම පළාතේ හෝ කැමති ඕනෑම පළාතක වසර 5 ක සේවා කාලයක් සඳහා ඉල්ලුම් කිරීමට අවකාශ ඇත. මෙහිදී ලැබෙන ඉල්ලුම්පත් සංඛ්‍යාව මත දීප ව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තු විසින් කටයුතු සංවිධානය කරමින් සිටින අතර බොහෝවිට මාර්තු මාසය තුළ විභාගය පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් කරයි.
මෙම විභාගය දී අයදුම්කරුවන් ලබාගන්නා ලකුණු පළාත් මට්ටමින් නිකුත් කරන අතර ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමිනුත් පළාත් පාසල් සඳහා පළාත් මට්ටමිනුත් සම්මුඛ පරීක්ෂණ පවත්වා වසර තුනක පරිවාස කාලයකට යටත්ව අභ්‍යාසලාභීන් ලෙස පත්විම් ලබාදෙන අතර ඉන් අනතුරුව ගුරුසේවයට අන්තර්ග්‍රහණය කරන බව මහනුවර දළදා මාලිගාව පැවැති උත්සවයකදීයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය
මීට අමතරව පෙබරවාරි මාසයේදී ප්‍රතිඵල සහතික කිරීමෙන් පසු විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්ටද ගුරු පත්වීම් ලබා දී පසුගිය වසරේ විශාල පිරිසක් විශ්‍රාම යාමෙන් ඇති වූ ගුරු පුරප්පාඩු ඇතුළු ගුරු හිඟය පියවීමටත් එමගින් ගුරු ස්ථාන මාරු තුලනය කිරීමටත් අපේක්ෂා කරන බවද මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේය
