ගිලන් රථය ගියපු වේගයට පැනපු හක්ක නැවත හරි ගිහින්

හකු ඇටය පැනීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ පසු වූ කාන්තාවක වේදනාවෙන් යුතුව ග්‍රාමීය රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව හදිසි ප්‍රතිකාර සඳහා ගෙන ගිය ගිලන් රථයේ වේගයට බියවි පැනපු හකු ඇටය යථා තත්ත්වයට පත්වූ පුවතක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වාර්තා වේ.

ගැමි පෙදෙසක සිටි මෙම කාන්තාව රාත්‍රී කෑම ගැනීම පසු නින්දට යාමට සූදානම් වන අවස්ථාවේදී හකු ඇටය පැනීම නිසා කට වසා ගැනීමට පවා නොහැකිව වේදනාවෙන් යුතුව පවුලේ අය විසින් ඇය රෝහලට ඇතුළත් කර තිබේ.

එම රෝහලේ එය යථා තත්ත්වයට පත් කිරීමේ පහසුකම් නොමැති නිසා රෝහල සතු ගිලන් රථයකින් ඒ මොහොතේම රෝගියා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

ගිලන් රථය යන වේගයෙන්ම කුරුණෑගල රෝහල් පරිශ්‍රයට හරවන වේගයට ගිලන්රථ නිදා සිටි කාන්තාව වැටේ යැයි කියා බියට පත්ව ආරක්ෂාකාරීව අල්ලා ගැනීමට තැත් කිරීමේදී පැනපු හකු ඇටය හරි ගිය බවට ඇය හදිසි ප්‍රතිකාර ඒකකයේ රෝගීන් භාර ගැනීමට සිටින වෛද්‍යවරයාට ඇය පවසා තිබේ.

සිද්ධිය අසා සිනාසුනු වෛද්‍යවරයා එහෙනම් මොකටද රෝහලේ නවතින්න යැයි පවසා පැමිණි ගිලන් රථයෙන්ම සිටි ස්ථානයට යන ලෙස දුන් උපදෙස් අනුව ආපසු එම ගිලන් රථයෙන්ම ආපසු ගෙන ආ බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය

Werzuo Digital

Leave a Reply