කාලගුණ අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 සඳහා වූ විශේෂ කාලගුණ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන අතර එම නිවේදනය අද (29) පස්වරු 4.30 සිට හෙට (30) පස්වරු 4.30 දක්වා වලංගු වන බව එහි සදහන්ය. 

ඒ අනුව දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ජනවාරි 31 සහ පෙබරවාරි 01 යන දෙදින දිවයිනේ තැනින් තැන මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සදහන්ය

මේ අතර තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ති‌බේ.

ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් හෙට (30) වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි. 

ඉන්පසු, එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් පෙබරවාරි 01 වන දින ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ළඟා වනු ඇතැයි බලාපොරොත්තු වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Werzuo Digital

Leave a Reply