කුඹුරක අයිතිය කියන්න ගිහින් දෙදෙනෙකු බිලි

පුල්මුඩේ පාලම්කුලම් වෙල්යායේදි කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර  ඇති වු ආරවුලක් හේතුවෙන් හටගත් ගැටුමකින් දෙදෙනකු මියගොස් තවත් පුද්ගලයන් තිදෙනකු තුවාලා පුල්මුඩේ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පුල්මුඩේ කොට්ඨාස අංක 01 හි පදිංචි 37 හැවිරිදි හා 40 හැවිරිදි දෙදෙනකු බවද පොලිසිය පවසයි.

ගැටුමෙන් තුවාල ලැබු තිදෙනකු පුල්මුඩේ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු එක් අයකුගේ තත්වය බරපතල බැවින් පසුව ත්‍රිකුණාමලය රෝහලට මාරුකර ඇති බව පොලිසිය පවසයි.

මෙම කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් කලක පටන් ආරවුල් හටගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුවක් ලබාදි තිබියදි මෙම ආරවුල හට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම ස්ථානයට පැමිණ ස්ථානිය පරික්ෂණයක් සිදු කිරිමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්විමට නියමිතව තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් පුල්මුඩේ පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply