පාකිස්ථානයේ මාර්ගයක තිබූ පාලමකින් බස් රථයක් පෙරලී ගින්නට හසුවීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 41 දෙනකු සහ පාසල් සිසුන් රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් අවම වශයෙන් ළමුන් 10 දෙනෙකු ඇතුළු 51 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නිරිතදිග පාකිස්ථානයේ ලැස්බෙලා දිස්ත්‍රික්කයේ බෙලා නගරය ආසන්නයේ බසයක් පාලමේ තිබූ බාධකයක වැදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව තිබේ
මෙම බස් අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 48 දෙනකු ගමන් කර ඇති අතර ඉන් තුන්දෙනකු මේ වන විට බේරාගෙන ඇතැයි පාකිස්තාන බලධාරීන් ප්‍රකාශ කර ඇත. මියගිය පුද්ගලයන්ගේ සිරුරු හඳුනා ගැනීමට නොහැකි වන පරිද්දෙන් පිළිස්සී ඇතැයි බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේය.
මේ අතර, පාකිස්තානයේ වයඹදිග Khyber Pakhtunkhwa පළාතේ ඉරිදා ආගමික පාසල් සිසුන් රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් අවම වශයෙන් ළමුන් 10 දෙනෙකු මිය ගිය බව බලධාරීහු ප්‍රකාශ කර තිබේ.
තුවාල ලැබූ හත් දෙනෙකු රෝහල් ගත කර ඇති අතර සිසුන් 08 දෙනෙකු පමණ තවමත් අතුරුදහන් වී ඇත.මියගිය සිසුන් වයස අවුරුදු 07 සහ 12 අතර වයස්වල පසුවන්නන් බවද සදහන්ය.
අතුරුදන් සිසුන් සොයා පකිස්තාන හමුදා කිමිදුම්කරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.