භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක එන්ජිමක් කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද (28) දහවල් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මුළුමනින්ම කළුතර දුම්රිය ස්ථානය අසලින් අඩපණවී තිබේ.
කළුතර දෙස සිට මරදාන දක්වා ධාවනය වන භාණ්ඩ පැටවූ දුම්රියයක එන්ජිමක් සවිකිරීමට රැගෙන යාමේදි මංතීරු මාරුවන සංධිස්ථානයේ පිලී පැනිම සිදුව ඇත. මේ නිසා දුම්රිය මාර්ගයේ කොන්ක්‍රීට් සිල්පර කිහිපයකටම හානිවී ඇත.
ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මේ වනවිට දුම්රිය ගමනාගමනය තාවකාලිකව නතරවී ඇත. ගාල්ල සිට පැමිණෙන දුම්රියන් ද දකුණු කළුතර දුම්රිය ස්ථානයට පමණක් සීමාවී තිබේ.