දකුණු පළාතට Southern Odyssey නමින් සංචාරක දුම්රියක්

මත්තල ගුවන් තොටුපළ කේන්ද්‍ර කරගනිමින් මෙරටට පැමිණෙන රුසියානු සංචාරකයන් දකුණු පළාතේ ඇති නව සංචාරක ස්ථාන වෙත රැගෙන යාම සහ Southern Odyssey දුම්රිය සංචාරකයන් ප්‍රවාහනය වෙනුවෙන් යෙදවීම සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) සාකච්ඡාවක් පවත්වා තිබේ.

රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති චන්න සාලිය මහතාගේ ආරාධනයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත රුසියානු සංචාරකයන් රැගෙන එන රුසියානු සමාගමේ (ඒජන්සියේ) නියෝජිතයන් තිදෙනෙකු සහ මෙරට නියෝජිතයන් දෙදෙනෙකු දකුණු පළාත් ආණ්ඩුකාර හමුවි සාකච්ඡාවක නිරතව තිබේ

විශේෂයෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික් වල පිහිටි නෙළුව ලංකාගම දූවිලි ඇල්ල ආශ්‍රිත කලාපය, අකුරැස්ස, කැටන්විල, දෙදියගල, දෙනියාය ප්‍රදේශ මූලික කරගනිමින් පළමු අදියරේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයටත්, Southern Odyssey දුම්රිය මූලික අදියරේ ගාල්ල දක්වාත්, දෙවන අදියරේ බෙලිඅත්ත දක්වාත් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිමට මෙහිදී සාකච්ඡා කර තිබේ.

Werzuo Digital

Leave a Reply