ඉන්දීය යුද ප්‍රහාරක ජෙට් යානා දෙකක් ගැටෙයි

ඉන්දිය ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකක් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේදී එකිනෙක ගැටී කඩා වැටිමෙන් සිදුවු අනතුරකින් එක් නියමුවෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දියානු ගුවන් හමුදාවට අයත් රුසියාවේ නිෂ්පාදිත Sukhoi Su-30 සහ ප්‍රංශයේ නිෂ්පාදිත Mirage 2000 වර්ගයට අයත් ජෙට් යානා දෙකක් එලෙස එකිනෙක ගැටී මෙම අනතුර සිදුවී තිබේ.

පළමු ගුවන් යානය නවදිල්ලියේ සිට කිලෝමීටර් 300 ක් පමණ දකුණින් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පහාඩ්ගාර් වනාන්තරයකට කඩාවැටී ඇත.
කඩාවැටුණු ස්ථානය අසල සිට ගුවන් නියමුවන් දෙදෙනෙකු හමු වූ අතර, පසුව ඔවුන් ප්‍රතිකාර සඳහා ඉන්දීය ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් රෝහල වෙත ගෙන ගොස් තිබේ.

දෙවන ජෙට් යානය රාජස්ථාන් ප්‍රාන්තයේ දී ටික දුරක් කඩා වැටී තිබේ.ගුවන් යානා දෙකම ග්වාලියර් ගුවන් කඳවුරෙන් පිටත් ව තිබේ.

Werzuo Digital

Leave a Reply