සීතල හේතුවෙන් උතුරු පළාතේ ගවයන් 500 දෙනෙකු මරුට

පවතිබ අයහපත් කාලගුණික තත්වය සමඟ හටගෙන ඇති දැඩි සීතල දරාගැනී‍මට නොහැකිව උතුරු පළාතේ ගොවීන්ගේ කිරි ගවයින් සහ එළුවන් 500 දෙනෙකු පමණ මියගොස් ඇතැයි ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ප්‍රකාශ කර තිබේ

මේ අතර කිලිනොච්චිය ප්‍රදේශයේ ගොවීන්ගේ කිරි ගවයින් 165 දෙනෙකු සහ එළුවන් 03 දෙනෙකු පමණ අද (09) මියගොස් ඇතැයි කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසයි.

කිරිගවයින් ගවමඩු තුල ගාල්කොට සිටියදී එලෙස සීතල දරාගැනීමට නොහැකිව කුඩා පැටවුන් සහ දෙනුන් ඇතුළු එළුවන් මෙලෙස මියගොස් ඇත

මේ අතර සීතල කාලගුණික තත්වය හේතුවෙන් මියගිය සතුන් ප්‍රමාණය තවත් ඉහලයා හැකි බව වාර්තාවේ.

සීතල හේතුවෙන් අසනීප වී ඇති ගවයින් බේරාගැනීම සඳහා ගොවීන් තැනතැන විශාල ගිනි මැල පත්තු කරමින් ගවයින්ට උණුසුම ලබාදීමට කටයුතු කරන බවද ප්‍රදේශවාසීන් පවසයි.

සතුන් මිය යෑමෙන් තමන්ට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බවත් මියගිය සතුන් පිළිබඳව හා සීතල හේතුවෙන් අසනීප වී ඇති සතුන් සම්බන්ධයෙන් කිලිනොච්චිය රජයේ පශු වෛද්‍ය කාර්යාලය දැණුවත් කොට ඇති බවද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසයි.

Werzuo Digital

One thought on “සීතල හේතුවෙන් උතුරු පළාතේ ගවයන් 500 දෙනෙකු මරුට

Leave a Reply