මීටියාගොඩ වෙඩි තැබීමක්

මීටියාගොඩ මහවෙල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු 28 හැවිරිදි අයෙකු බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කට සම්බන්ධ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ඔහු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

මීටියාගොඩ පොලීසිය මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply