සුමාත්‍රා භූමිකම්පාවත් සමග කලබල වු දකුණු වෙරළබඩ සන්සුන් වෙයි

සුමාත්‍රා දූපතේ මැග්නිටියුඩ් 6.9 ප්‍රබල භු කම්පනයක් සිදුව ඇති නිසා වෙරලබඩ ජනතාව අවධානයෙන් සිටින ලෙසට ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවිමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කිරිමත් සමග දකුණු පළාතේ වෙරලාශ්‍රිත ජනතාව කලබලයට පත් වු අතර ඉන් සමහර පිරිස් ආරක්ෂිත ස්ථාන කරා පිටත්ව යන්නට වු බව වාර්තාවේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනමාධ්‍ය මගින් අවධානයෙන් සිටින ලෙසට කරන ලද මෙම පණිවිඩය සමග බියට පත් බො‍හෝ පිරිස් කලබලයට පත් වුහ.

කෙසේ වෙතත් කාලගුණ අංශ විසින් සුනාමි අවදානමක් නොමැති බවට නිල වශයෙන් ජනමාධ්‍ය මගින් දැනුම් දීමත් සමඟ එම ප්‍රදේශ සාමාන්‍ය අතට හැරී තිබෙන අතර ගාල්ල ඇතුළු වෙරළබඩ අශ්‍රිත නගර පාළුවට ගොස් තිබෙන අයුරු දක්නට ලැබින..

මේ සම්බන්ධයෙන් වන පෙර පුවත් සඳහා

Werzuo Digital

Leave a Reply