අධික වේගයෙන් රේස් ගිහින් වාද්දුව තරුණ ජිවිත දෙකක් මරුවාට බිලි

කළුතර බණ්ඩාරගම මාර්ගයේ ගෝනදූව ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි මොරොන්තුඩුව පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව, පොතුපිටිය සහ දෙල්දූව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.

මියගිය තරුණයන් දෙදෙනා තවත් තරුණයන් පිරිසක් සමඟ අධික වේගයෙන් යතුරුපැදි රේස් පදමින් සිටියදී අධික වේගයෙන් ගමන් ගත් මියගිය තරුණයන් දෙදෙනාගේ යතුරුපැදි මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මියගිය තරුණයන් දෙදෙනා සමග යතුරුපැදි පදිමින් සිටි සෙසු තරුණයන් අනතුර සිදුවූ පසු පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.

මියගිය තරුණයන් දෙදෙනා සමග යතුරුපැදි පදිමින් සිටි සෙසු තරුණයන් අනතුර සිදුවූ පසු පළාගොස් ඇති අතර පසුව පොලිසිය පැමිණ බරපතළ තුවාල ලබා සිටි තරුණයන් දෙදෙනා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇතැයි වාර්තාවේ.

Werzuo Digital

Leave a Reply