ගිංතොට මෝය කටේ දියනෑමට ගිය සිසුන් දෙදෙනකු මරුට

ගාල්ල ගිංතොට මෝය කට අසල මුහුදු වෙරළේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනකු අද (08) දහවල් දියේ ගිලී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නාවින්න අරාබි විදුහලේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි සහ 15 හැවිරිදි ගාල්ල මොරගොඩ හා හිරුඹුර පදිංචි සිසුන් දෙදෙනෙකි.

මෙම සිසුන් දෙදෙනා පැය බාගයක් පමණ වේලාවක් දියයට සිට ඇති අතර පසුව ප්‍රදේශවාසින් එක්ව ගොඩට ගෙන ඇත.

ඒ වනවිටත් එක් අයෙකු මියගොස් සිට ඇති අතර අනෙක් සිසුවා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.

මියගිය සිසුන් දෙදෙනාගේ මෘත දේහයන් කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇත. පශ්චාත් මරණ පරීක්ෂණ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී හෙට පැවැත්වීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධව ගාල්ල පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Werzuo Digital

Leave a Reply