කරාපිටිය රෝහලේ ඖෂධ හිඟයක් – බෙහෙත් කවරත් සල්ලිවලට ගන්න වෙලා

කරාපිටිය රෝහලේ දැඩි ඖෂධ හිඟයක් පවතින බව වාර්තාවේ.

විශේෂයෙන්ම රෝගින්ට අවශ්‍ය ප්‍රතිජිවක ඖෂධ විශාල ප්‍රමාණයක හිගයක් පවතින නිසා බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ගැනිමට පැමිණෙන රෝගින් මෙන්ම නේවාසික රෝගින් දැඩි පිඩාවකට පත්ව ඇතැයි වාර්තාවේ.

බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ගැනිම සඳහා දිනකට දහසකට අධික රෝගින් සංඛ්‍යාවක් පැමිණෙන අතර ඔවුනට ආරක්ෂිතව ඖෂධ ලබාදිමට කවර පවා නොමැති බවද වාර්තාවේ

බෙහෙත් දැමිම සඳහා කවර නැති බවට දැන්විමක් ද අලවා ඇති බවත් රෝහල් පරිශ්‍රය තුල එක් බෙහෙත් කවරයක් රුපියල් 4 මුදලකට අලෙවි කරන බව රෝගීන් පවසයි.

1500 ආසන්න රෝගින් සංඛ්‍යාවක් නේවාසිකව සිටින අතර ඔවුන්ගේ ඊ.සී.ජි.පරික්ෂණ දත්ත ලබා ගැනිම සඳහා අවශ්‍ය කඩදාසි පටිවල පවා හිඟයක් පවතින බව වාර්තාවේ.

Werzuo Digital

Leave a Reply