ගාලු පොල්තෙල් වලට හොඳ සහතිකයක්


ගාල්ල නගරයේ ඇති මහා පරිමාණ පොල්තෙල් නිෂ්පාදනාගාරවලින් අහඹු ලෙස ලබාගත් පොල්තෙල් සාම්පල පිළිබඳව කළ පරීක්ෂාවකදී ඒවා මිනිස් සෞඛ්‍යට හිතකර මට්ටමේ පවතින බවට වාර්තා ලැබී ඇතැයි ගාල්ල මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශය පවසයි.

ගාල්ල මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මහා පරිමාණ වශයෙන් පොල්තෙල් නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාර 8කින් මෙලෙස අහඹු ලෙස සාම්පල ලබාගෙන කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනයේ ආහාර රසායනාගරය වෙත යවා තිබේ.

ඒ පිළිබඳව ලැබුණු පරීක්ෂණ වාර්තාවේ ඒවා මිනිස් සෞඛ්‍යට හිතකර මට්ටමේ පවතින බව සඳහන් කර ඇතැයි සෞඛ්‍ය අංශය පවසයි.

කෙසේ නමුත් මේ ආකාරයට ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව සහතික කිරිම පිණිස දිගින් දිගටම මෙවැනි ආහාර සාම්පල ලබාගෙන පරික්ෂා කිරීම සිදු කරන බවත් එවා පිළිබඳව ලැබෙන වාර්තා අනුව මිනිස් සෞඛ්‍යට අහිතකර තත්ත්වය පවතින්නේ නම් ඔවුන් එරෙහිව නිත්‍යානුකූලව කටයුතු කරන බවද නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි

Werzuo Digital

Leave a Reply