ඉල් පුර පසළොස්වක පොදා හඳෙන් බාගයක් වැසෙයි

ලබන 08 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

නමුත් මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වනුයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස බව ද ඒ මහතා පවසයි.

මෙරට වේලාවෙන් පස්වරු 1.32 ට ආරම්භ වන වන මෙම චන්ද්‍රග්‍රහණයේ උපරිමය පස්වරු 4.29 ටත් අවසානය රාත්‍රී 7.26 ටත් සිදු වන බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව චන්ද්‍රයා නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48 ට උදාවීමත් සමඟ ශ්‍රී ලාංකිකයන්ට මෙහි අවසාන කොටස පමණක් අර්ධ ග්‍රහණයක් ලෙස දැකගත හැකිය

මෙම චනද්‍රග්‍රහණය ආසියා මහද්වීපය, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ යුරෝපයේ කොටසකට දැකගැනීමට හැකිවන බව මහාචාර්යවරයා සඳහන් කළේය.

මෙය 2022 වසරේ දෙවන සහ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය වන අතර යළිත් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලොවට දිස්වනුයේ 2025 මාර්තු 14 වැනිදාය.

Werzuo Digital

Leave a Reply