කැබිතිගොල්ලෑවේ උණුසුම අතරතුර පොලිස් සැරයන්වරයෙකුට දිවි අහිමි වෙයි

අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් අතරතුර එහිදී පුද්ගලයෙකු එල්ල කළ මුඟුරු පහරකින් පොලිස් සැරයන්වරයෙකුට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහු කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර පසුව අනුරාධපුර රෝහල වෙත මාරුකර යැවීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි

මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි.

ඊයේ (31) රාත්‍රී කැබිතිගොල්ලෑව රඹකැපූවැව ප්‍රදේශයේ වන අලියෙකු පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත කැබිතිගොල්ලෑව පොලීසිය එම ස්ථානයට යමින් සිටි අවස්ථාවේ එම කලහකාරී තත්ත්වය ඇති වූ බව පොලිසිය පවසයි.

එම ප්‍රදේශයේ හිමිනමක් ඇතුළු පුද්ගලයින් සියයක පමණ පිරිසක් විසින් එම අවස්ථාවේ කැබිතිගොල්ලෑව – පදවිය මාර්ගය රඹකැපූවැව ප්‍රදේශයෙන් හරස් කර තිබේ. 

පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තබා තිබෙන බවද වාර්තාවේ

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හිමිනමක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

Werzuo Digital

Leave a Reply