රත්ගම රිය අනතුරකින් රුසියානු ජාතිකයෙකුට තුවාල

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගම හන්දිය ප්‍රදේශයේදී අද (16) සවස යතුරුපැදියක් සහ කැබ් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් යතුරු පැදිය පදවාගෙන ආ රුසියානු ජාතිකයෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

ගාල්ල සිට හික්කඩුව දෙසට ගමන් ගනිමින් තිබූ යතුරු පැදිය බසයකට ඉස්සර කිරීමට යාමේදී හික්කඩුව සිට ගාල්ල දෙසට පැමිණෙමින් තිබු කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබේ

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply