බෙහෙත් පෙත්තක් උගුරේ සිරවි කුඩා දරුවෙකු ජිවිතක්ෂයට

බෙහෙත් පෙත්තක් ස්වසන මාර්ගයේ සිරවීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු තුන හමාරක කුඩා දරුවෙකු ඊයේ (15) මියගොස් ඇති බව කරාපිටිය රෝහලේ පැවති මරණ පරික්ෂණයේ දී අනාවරණය වි තිබේ

මෙසේ මියගොස් ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ  පදිංචි අවුරුදු තුන හමාරක කුඩා දරුවෙකි

ඉකුත් 11 වනදා දරුවාට වැළඳුනු උණ රෝග තත්ත්වයට ලබා ගත් බෙහෙත් පෙති කිහිපයක් මව විසින් ලබා දිමට සුදානම් වන අවස්ථාවේ දරුවා එහි තිබු බෙහෙත් පෙත්තක් කටේ දමා ගෙන ඇති අතර, එම අවස්ථාවේ දරුවාට හුස්ම ගැනීමට අපහසු වී තිබෙන අතර පසුව වහාම ඔහු පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමෙන් පසු කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙන බවත් එහිදී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම දරුවා ඊයේ (15) මියගොස් තිබෙන බවද මරණ පරික්ෂණයේ දී අනාවරණය වි තිබේ.

Werzuo Digital

Leave a Reply