ශ්‍රි ලංකා බලධාරින් විසින් ඉන්දීය විදේශ අමාත්‍යාංශයට කල ඉල්ලීමක් අනුව වසර 300කට පමණ මෙරටින් වඳ වී ගොස් ඇති ගවරා (ඉන්දියානු බයිසන්) නම් ගව විශේෂය මෙරටට ලබාදිමට ඉන්දීය රජයේ අවධානය යොමුව තිබෙන බව ද හින්දු පුවත්පත වාර්තා කළේය
ගවරා (ඝෞර්) නමැති මෙම ගව විශේෂයේ සත්ත්වයන් හය දෙනකු ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස අගෝස්තු මස මුලදී ශ්‍රී ලංකා පාර්ශ්ව විසින් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, ඉන්දීය විදේශ අමාත්‍යාංශය එම ඉල්ලීම සලකා බැලීම සඳහා එරට පරිසර හා වනාන්තර අමාත්‍යාංශය වෙත යොමුකර තිබෙන බව එහි සදහන්ය.
වසර 30000කට පමණ පෙර සිට ශ්‍රී ලංකාවේ ගවරා ව්‍යාප්තව සිට ඇතැයි සැලකේ. ගවරා මෙරට අවසන් වරට වාර්තා වී ඇත්තේ 17 වැනි සියවසේ අගභාගයේ මහනුවර දෙවැනි රාජසිංහ රජුගේ සත්ත්ව ගාලෙන් බව අතීත වාර්තා සඳහන් කරයි.
“ද හින්දු පුවත්පත” වාර්තා කල එම පුවත සදහා 👇