උගන්ඩාවේ ඉබෝලා වෛරස බියක් : දිස්ත්‍රික්ක 2ක් Lockdown

උගන්ඩාවේ ඉබෝලා වෛරස බියක් හේතුවෙන් මේ වන විට එහි දිස්ත්‍රික්ක දෙකක් ලොක්ඩවුන් කරමින් රෝගීවු අය සොයා ගැනීම සහ ඔවුන් නිරෝධායනයට යොමු කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උගන්ඩාවේ මුබෙන්ඩේ සහ කසාන්ඩා යන දිස්ත්‍රික්ක දින 21 ක කාලයක් සදහා ලොක්ඩවුන් කරන බව උගන්ඩා ජනාධිපති යව්රි මුසවේනී ජනතාව අමතමින් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, එම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ද පනවා ඇති බවද එම වාර්තා සඳහන් කළේය.

පසුගිය සැප්තැම්බර් 20වනදා සිට මේ දක්වා ඉබෝලා වෛරසය හේතුවෙන් උගන්ඩාවේ 19 දෙනෙකු මියගොස්, 58 දෙනෙකු රෝගී වී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවල දැක්වෙයි.

කෙසේ වෙතත්, සැබෑ මරණ සහ රෝගීන් සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැවිරිදි හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply