ගැඹුරු ළිඳට වැටුණු පුද්ගලයෙකු පැය 5ක මෙහෙයුමකින් පසු බේරාගනී

ළිදක් කපා ළිං වළලු සවිකරමින් සිටි පුද්ගලයෙකු ළිදකට වැටී පස් ගල් වලින් වැසී සිරවී සිටියදි පැය පහක පමණ කාලයක් තිස්සේ සිදු කළ මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව බේරාගෙන රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

අඩි 35ක් පමණ ගැඹුරු හා අඩි 4 වට ප්‍රමාණයකින් යුතු ළිඳකට මෙසේ වැටී සිටියදී බේරා ගනු ලැබුවේ රිදීමාලියදදේ කණුගොල්ල ගම්මානයේ පදිංචි 50 හැවිරිදි අයෙකි.

කැපු ළිඳකට ළිං වළලු සවිකරමින් සිටියදි එක් පුද්ගලයෙකුගේ පය ළිස්සා ළිං පතුලට වැටීමත් සමගම ළිදේ දෙපස බිත්තියේ තිබු ගල් හා පස් වලින් ඔහු වැසී තිබේ. එම අවස්ථාවේදීම අනෙක් දෙදෙනා ළිදට බැස ක්ෂණිකව ගල් හා පස් ඉවත්කර අනතුරට ලක්ව සිටි පුද්ගලයාගේ හිස නිරාවරණය කරගෙන තිබෙන බව පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් මහත් පරිශමයක් දරා ළිං පතුලේ  සිරවී සිටි පුද්ගලයා ගොඩ ගන්නා අවස්ථාවේ  තවත් අයෙකු සමග නැවතත් ඔහු ළිං පතුලට වැටී පස් කන්දකින් දෙදෙනාම වැසී ගොස් තිබෙන බව පොලිසිය පවසයි.

පසුව විශාල පිරිසක් ක්ෂණිකව දෙවනුවට වැටුන පුද්ගලයා ගොඩට ගෙන තිබුනත් ප්‍රථමයෙන් වැටුන අය ගොඩට ගැනීමට පැය පහක පමණ කාලයක් තිස්සේ මහත් පරිශ්‍රමයක් දරා ගොඩට ගැනීමට සමත්ව තිබේ. පසුව ළිං පතුලේ සිරවී සිටීමෙන් ශරීරය පුරා තුවාල සිදුවී අසාධ්‍ය තත්වයේ සිටි එම පුද්ගලයා බිබිල මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

රිදීමාලියද්ද පොලිස් නිළධාරීන්, රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ නිළධාරීන්, යුධ හමුදාව සහ ප්‍රදේශවාසීහු එක්ව ළිං පතුලේ සිරවී සිටි පුද්ගලයින් දෙදෙනා මුදාගැනීමට කටයුතු කර තිබේ.

Werzuo Digital

Leave a Reply