Apple iPhone තාක්ෂණ ලෝකයේ නව පිටුවක් පෙරළයි

ප්‍රසිද්ධ Apple සමාගම ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලි ද්විත්වය එළිදක්වන බව ඊයේ (07) නිවේදනය කළේය

මෙම නවතම iPhone මාදිලි හඳුන්වා ඇත්තේ iPhone 14 Plus සහ iPhone 14 ලෙසය.ඒ අනුව අදාළ නවතම iPhone ස්මාර්ට් ජංගම දුරකථන උස ප්‍රමාණ දෙකකින් වෙළෙඳපොළට නිකුත් කිරීම විශේෂත්වයකි. ඉන් iPhone 14 උස ප්‍රමාණයක් අඟල් 6.1 වන අතර iPhone 14 Plus දුරකථනය අඟල් 6.7කින් සමන්විතය.

නවතම ආරක්ෂණ හැකියාවකින් වෙළෙඳපොළ ආක්‍රමණයට සැරසෙන iPhone ලැයිස්තුවේ නවකයා ආකර්ෂණීය ලෙස වැඩිදියුණු කරන ලද කැමරාවකින් ද සමන්විත බවද එම සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

5G තාක්ෂණයේ වේගවත්ම අත්දැකීම ලබාගත හැකි මෙම iPhone 14 Plus දුරකථනය හරහා හදිසි අවස්ථාවකදී සැටලයිට් වෙත සම්බන්ධතාවය ලබාගත හැකිවන පරිදි වැඩිදියුණු කර තිබීමද තවත් විශේෂත්වයකි.

ඒ අනුව iPhone 14 ස්මාර්ට් දුරකථනය සැප්තැම්බර් මස 16 වන සිකුරාදා එළිදැක්වීම නියමිත අතර iPhone 14 Plus ස්මාර්ට් දුරකථනය ඔක්තෝම්බර් මස 07වන සිකුරාදා එළිදැක්වීමට නියමිතව ඇත

Werzuo Digital

Leave a Reply