ඔන්චිල්ලාවෙන් වැටී සිසුවෙකු ජිවිතක්ෂයට

පාසල් භූමියේ මිතුරන් පිරිසක් සමඟ ඔන්චිල්ලාවක් පදිමින් සිටි 14 හැවිරිදි සිසුවෙකු අද (09) පෙරවරුවේ එයින් බිමට වැටී මියගොස් ඇතැයි මොරටුමුල්ල පොලිසිය පවසයි.

මෙලෙස ලෙස මියගොස් ඇත්තේ ,මොරටුව පහළ ඉඳිබැද්ද ප්‍රදේශයේ පදිංචි මොරටුමුල්ල විල්ලෝරාවත්ත ඥානිස්සර බෞද්ධ විද්‍යාලයේ නවය වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.

යකඩයෙන් සහ තහඩුවලින් තනන ලද ඔන්චිල්ලාව වෙත සිසුන් පිරිසක් ගොඩවී ඔන්චිලි පදිමින් සිටියදී මියගිය සිසුවා ද ඔන්චිල්ලාවට පිටතින් නැඟ අනෙකුත් සිසුන් හේත්තු වි සිටින කොටසේ හිඳගෙන එම ඔංචිල්ලාව පදිමින් සිටියදී අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

වේගයෙන් ඔන්චිල්ලාව ඒ මේ අත පැදවීමේදී  ඔන්චිල්ලාවේ පිටතින් නැග සිටි සිසුවා එකවරම ඔන්චිල්ලාව අසලම වැටී ඇත. ඒ සමගම ඔහු මොරටුව ලුනාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර එහිදී සිසුවා මියගොස් තිබූ බව පොලිසිය පවසයි.

සිසුවා ගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය

Werzuo Digital

Leave a Reply