WhatsApp සඳහා නව විශේෂාංග තුනක්

WhatsApp සඳහා නව විශේෂාංග තුනක් හඳුන්වා දීමට සූදානම් වන බව එම සමාගම පවසයි.ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම සමාගම මේ බව සඳහන් කර ඇත.

පෞද්ගලිකත්වය සුරැකීමේ විශේෂාංග (privacy features) ත්‍රිත්වයක් ලෙස ඒවා හඳුන්වා දීමට නියමිත ය. ඒ අනුව,

1. Exit Groups Silently – අනෙක් පරිශීලකයින් දැනුවත් වීමත් තොරව ඔබ සිටින groupsවලින් ඉවත් වීමට හැකි වීම. කෙසේ වෙතත්, ඔබ ඉවත් වූ බවට group admin දැනුවත් වනු ඇත

2. Who Can See Your Online Status – ඔබ online සිටින විට එය දැකිය හැක්කේ කාට ද යන්න පාලනය කිරීමට හැකි වීම.

3. Block Users From Taking a Screenshot of ‘View Once’ Messages – View Once පණිවිඩවල screenshot ගැනීමට ඇති හැකියාව වැළැක්වීම

Werzuo Digital

Leave a Reply