ලොවම කතා කළ ගාසා තීරයේ සටන් විරාමයක්

දින තුනක අඛණ්ඩ ප්‍රචණ්ඩතාවන්ගෙන් පසු ඊශ්‍රායල සහ පලස්තීන සටන්කාමීන් අතර සටන් විරාමයක් ඇතිව තිබේ.ඊශ්‍රායල රජය සහ පලස්තීන සටන්කාමීන් අතර සාකච්ඡා පැවැත්වූයේ ඊජිප්තු රජයේ මැදිහත් වීමෙනි.

සටන් විරාමයක් ආරම්භ වුණු බවත්, ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයට පහර දීම නැවැත් වූ බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය යාර් ලුපිද් ද තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය

පසුගිය 5 වැනිදා සිට පැවැති ප්‍රහාරවලින් පලස්තීනුවන් 44 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ ගණන 250 කට වැඩි බවත් මියගිය 44 දෙනාගෙන් 15 දෙනකු කුඩා දරුවන් බවද එම වාර්තා සඳහන් කළේ ය

ඉරානයේ සහාය ලබන ‘පලස්තීන ඉස්ලාමික් ජිහාද්’ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් මෙම මෙහෙයුම් සිදුකළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළ බව එම වාර්තා සඳහන් කළේ ය.

Werzuo Digital

Leave a Reply