දකුණේ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

අද (04) රාත්‍රියේ ලුණුගම්වෙහෙරදී සහ අහංගම දී සිදු සිදුවූ වෙඩි තැබීමේ සිද්ධින් දෙකකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි

ඉන් එක් වෙඩි තැබීමේ සිද්ධියක් ලුණුගම්වෙහෙර ප්‍රදේශයෙන් වාර්තා වන අතර එහිදි නිවසක් තුළදී රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් 34 හැවිරිදි අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ගාල්ල අහංගම ප්‍රදේශයෙන් අනෙක් වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා වේ. අහංගම ගොවියාපාන හෝටලයක් තුලදි රාත්‍රියේ සිදුවු වෙඩි තැබිමකින් එක් අයෙකු එම ස්ථානයේම මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි අහංගම පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීමේ සිද්ධීන් සම්බන්ධව ලුණුගම්වෙහෙර සහ අහංගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply