ගාල්ලේ හෝටලයක මිලියන 1.8 බිලක් නොගෙවු අයෙකුට විදෙස් ගමන් තහනමක්

ගාල්ල නගරයේ ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට රුපියල් 18,74000 (දහඅට ලක්ෂ හැත්තැහතර දහසක) කාමර බිල නොගෙවා පලාගොස් ඇති පුද්ගලයෙකුගේ විදෙස් ගමන් තහනම් කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනී පතිරණ මහත්මිය අද (04) නියෝගයක් නිකුත් කළාය.

ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ විදෙස් ගමන් මෙසේ තහනම් කෙරිණ.

පසුගිය 23 වැනිදා එංගලන්තයේ සිට පැමිණි බව පවසමින් සැකකරු හෝටලයේ සුඛෝපභෝගී කාමරයක නවාතැන්ගෙන ඇත්තේ දිනකට රුපියල් 39,000 ක කාමර කුලියක් යටතේය.මුල් සති කිහිපයේදී පමණක් හෝටලයට නිසි පරිදි මුදල් ගෙවා ඇති ඔහු, පසුව ගෙවීම් පැහැර හැරම නිසා ඒ පිළබඳව හෝටල් කළමණාකාරත්වය විමසු විට පවසා ඇත්තේ ජූලි 28 වනදින මුදල් ගෙවන බවය. පසුව ඔහු තම බඩු භාණ්ඩ රැගෙන රහසේම පළාගොස් ඇති බව හෝටල් කළමනාකරු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කලේය

ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශණ අංශයේ විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

Werzuo Digital

Leave a Reply