නැගෙනහිර මුහුදේ අනතුරට පත් ධීවරයින් තිදෙනකු නාවික හමුදාව බේරාගනියි

ත්‍රිකුණාමලය පිටත වරාය ප්‍රදේශයේ ධීවර කටයුතුවල නියැලෙමින් සිටියදී, අනතුරට පත් වූ කුඩා ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීම‍ට සමත්වූ බව නාවික හමුදාව පවසයි.

නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවක් ත්‍රිකුණාමලය පිටත වරාය මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදි, එම මුහුදු ප්‍රදේශයේ පෙරලී අනතුරට පත්වූ කුඩා ධීවර යාත්‍රාවක් පිළිබඳව කළ නිරීක්ෂණයේදී යාත්‍රාවේ සිට මුහුදට වැටී සිටි ධීවරයින් තිදෙනෙකු මුදාගෙන නිරුපද්‍රිතව ගොඩබිම වෙත යොමු කළ බව නාවික හමුදාව පවසයි.

එම ධීවරයින් තිදෙනා ත්‍රිකුණාමලය චීන වරාය සහ කින්නියා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවත් නාවික හමුදාව සඳහන් කරයි.

Werzuo Digital

Leave a Reply