කළුතර උතුර ප්‍රදේශයේ දී අද (31) අලුයම දුම්රියක් සහ ගුවන් හමුදාවට අයත් වෑන් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් ගුවන් හමුදා සෙබළකු මියගොස් තවත් සෙබළකු තුවාල ලබා ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වීරවිල ගුවන් හමුදා කදවුරේ රාජකාරි නියුතු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි සෙබළකු බවත් , බුත්තල ප්‍රදේශයේ පදිංචි සෙබළකු තුවාල ලබා ඇති බවත් පොලිසිය පවසයි.
අලුයම 1.33 ට පමණ දුම්රිය කළුතර දෙස සිට කොළඹ දෙසට ගමන් කර ඇති අතර , වෑන් රථය මුහුදු වෙරළ දෙස සිට ගාලුපාර දෙසට දුම්රිය හරස්මග හරහා ඇතුළු කිරීමේදී අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබූ සෙබළුන් දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර , එහිදී එක් සෙබළකු මියගොස් ඇතැයි පොලිසිය සදහන් කළේය.