ගාල්ල නගරයේ පිහිටි පෙර පාසල් වල සිඟිති පොළොවල් සංවිධානය කිරීමෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත් වී ඇතැයි දෙමාපියෝ පවසති
ආර්ථික හා ඉන්ධන අර්බුදයක් පවතින මෙවැනි අවස්ථාවක මේ ආකාරයට සිඟිති පොළොවල් පැවැත්වීමට පෙර පාසල් කටයුතු කිරීමෙන් තමන්ට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇතැයි ඔවුහු පවසති.
විශේෂයෙන්ම මේ දිනවල එළවළු සහ පලතුරු වල මිල ඉතා ඉහළ අගයක් ගන්නා බවත් හේතුවෙන් එක් ළමයෙකු සඳහා රුපියල් 5000 කට වඩා වැඩි මුදලක් වැය කිරිමට කිරීමට සිදුව ඇති බවද ඔවුහු පවසති.
