ප්රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මහතා ගමන්ගත් කැබ් රථයේ ගැටුන වල් අලියා සෙවිම සදහා කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්යක්ෂක කාර්යාලය ප්රකාශ කර තිබේ.
තලාව මොරගොඩ හතේ කණුව ආසන්නයේදි පසුගිය 02 වනදා රාත්රියේ ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු තිදෙනකු ගමන් ගනිමින් සිටි කැබ් රථයේ ගැටිමෙන් මෙම වල් අලියා වාහනයේ බොනට්ටුව මත දෙවරක්ම පතිතවිම නිසා වන අලියාද බරපතල තුවාල ලබන්නට ඇතැයි විශ්වාශ කරන බව එම කාර්යාලය ප්රකාශ කර ඇත.
ඒ අනුව මෙම වන අලියා මොරගොඩ ප්රදේශයේ උලුක්කුලම,විරවැව ප්රදේශයේ සොයා බැලිම සදහා අනුරාධපුර හා තලාව කාර්යාලවල සේවයේ නිරත නිලධාරින් ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් සෝදිසි මෙහෙයුමක නිරතව සිටින අතර වාහනයේ ගැටුන අලියා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් ලැබි නොමැති බවද වාර්තාවේ.
