ඇල්පිටිය – අවිත්තාව මාර්ගයේ ඕපාත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.
ගාල්ල – කරන්දෙණිය – මූණමල්වත්ත ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකු අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පවසයි.
වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඔහු ගමන් ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසයි.