පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකිණුවාට රුපියල් ලක්ෂයක් දඩ

රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන ලද ව්‍යාපාරිකයෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මෙනවිය රුපියල් ලක්ෂයක දඩයක් ඊයේ (16) නියම කළාය.

රුපියල් 210ට අලෙවිකල යුතු සහල් කිලෝවක් 325කට අලෙවි කිරිමේ චෝදනාවට මෙසේ දඩ නියම වුයේ හික්කඩුව නගරයේ පදිංචි ව්‍යාපාරිකයෙකුටය.

මේ අතර රුපියල් 210ට අලෙවිකල යුතු රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 249කට අලෙවි කිරිම සම්බන්ධයෙන් පවරා තිබු නඩුවට  අධිකරණයට ඉදිරිපත් නොවු ගාල්ලේ තවත් සහල් ව්‍යාපාරිකයෙකුට සැප්තැම්බර් 01වනදින අධිකරණයේ පෙනි සිටින ලෙස සිතාසි නිකුත් කිරිමටද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. 

පාරිභෝගික අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයට ලැබුන මහජන පැමිණිලි අනුව උපාය දූතයින් යොදවා ඉකුත් 12වනදින වැටලිම් සිදුකර ඇත.

Werzuo Digital

Leave a Reply