වැඩි මිලට අලෙවි කිරීමේ අපේක්ෂාවෙන් සැඟවූ ඉන්ධන ලීටර් 59,000ක් මේ දක්වා සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේය
දිවයින පුරා කළ වැටලීම් 429 කදී බලපත්‍ර රහිතව සඟවා තිබූ
පෙට්‍රල් ලීටර් 27,000ක්,
ඩීසල් ලීටර් 22,000ක්
භූමිතෙල් ලීටර් 10,000ක්
මෙසේ සොයාගෙන තිබේ..
නීතිවිරෝධී ලෙස ඉන්ධන සගවා සිදු කරන ජාවාරම් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් තවදුරටත් සිදු කරන අතර එලෙස පෙට්‍රල්, ඩීසල් සහ භූමි තෙල් තොග සැගවූ පුද්ගලයින් 137 දෙනෙකු ද මෙම වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.