උණවටුන – යද්දෙහිමුල්ල ප්‍රදේශයේ හෝටලයක සාදයකට සහභාගි වූ තරුණයෙකුගේ සිරුරක් අද (22) අලුයම එම හෝටලය අසළ තිබී සොයාගෙන තිබෙන බව හබරාදුව පොලිසිය පවසයි.
අදාළ හෝටලයේ ගේට්ටුව අසළ ඇද වැටී සිටි මෙම තරුණයා ගිලන් රථයක් ආධාරයෙන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිට ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ මල්වාන – යටිහේන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්. මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද දහවල් සිදුකිරීමට නියමිතව තිබින..