දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 23.3 කළුතර ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ වාහන 17 ක් එකිනෙක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු 04 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි.
සිදු වූ මෙම අනතුර හේතුවෙන් කොළඹ දෙසට ගමන් ගන්නා මාර්ගයේ දොඩංගොඩ දෙසට කිලෝමීටර් ගණනාවක දැඩි රථ වාහන තදබදයක් ඇති වූ බවත් පැය කීපයක් තුළදී අනතුරට පත් වාහන එම ස්ථානවලින් ඉවත්කර වාහන ගමනාගමනය සඳහා සාමාන්‍ය තත්ත්වයට පත් කර ඇත.
ඉදිරියෙන් ගමන් ගත් ගමන් ගත් වෑන් රථයක් තිරිංග තද කිරීමත් සමගම පසුපසින් පැමිණ තිබූ සෙසු වාහන එයාකාරයෙන් තිරිංග තද කිරීමේ හේතුවෙන් මෙම අනතුර වැල සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
සුඛෝපභෝගී මෝටර් රථ,වෑන් රථ සහ ලොරි රථ අනතුරට ලක් වූ වාහන අතර වන බවද පොලිසිය පවසයි.