ආනයනය කල ඉන්දීය සහල් ටොන් 11,000 ක් රජයට බාරදෙයි

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කල මෙට්‍රික්ටොන් 11,000 ක පළමු සහල් තොගය රැගත් නෞකාව අද (12) පස්වරුවේ කොළඹ වරායට ළඟා විමෙන් පසු මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් විසින් ශ්‍රී ලංකා රජයේ නිලධාරින්ට භාරදුන් බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.

මෙම සහල් තොගයේ නාඩු සහල් ටොන් 7,000 ක්, සම්බා සහල් ටොන් 2,000 ක් සහ කැකුළු සහල් ටොන් 2,000 ක් ඇතුළත් බවත් එම සහල් ලංකා සතොස අලෙවි ශාඛා සහ සමූපකාර ප්‍රාදේශික හරහා සම්බා සහල් කිලෝවක් රුපියල් 130 කට, නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 බැගින් අළෙවි කරන බවත් වෙළෙඳ අමාත්‍යංශය පවසයි.

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ මෙම සහල් තොගය, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා ඇතුළු වෙළෙඳ අමාත්‍යාංශ නියෝජිතයන්ට භාරදුන්හ. 

Werzuo Digital

Leave a Reply