ගාල්ල උණුසුම් කළ ධිවර උද්ඝෝෂණය (VIDEO) 

අයිස් මිල අඩු කරන ලෙසත්, ගැස් හා ඉන්ධන  ලබාදෙන ලෙසත් ඉල්ලා ගාල්ලේ ධිවරයින් විශාල පිරිසක් අද (01) දහවල් ගාල්ල නගරයේ උද්ඝෝෂණයක් පවත්වන ලදි.

මාගාල්ල ධිවර වරාය අසල දී මාර්ගය අවහිර කර උද්ඝෝෂණය කිරීමෙන් පසු එහි සිට පා ගමනින් ගාල්ල නගරය වෙත පැමිණි ධිවරයින් 1000 ආසන්න පිරිසක් බස් නැවතුම් පොල ඉදිරිපිට දී සහ පොලිසියේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටදි අවස්ථා දෙකකදි මාතර කොළඹ ප්‍රධාන මාර්ගයද අවහිර කරමින් උද්ඝෝෂණය කිරිම නිසා දැඩි වාහන තදබදයක් ඇතිවු අතර විකල්ප මාර්ග ඔස්සේ වාහන ධානවය කරවිමට පොලිසිය පියවර ගත්තේය.

සටන් පාඨ කියමින් පැය කිහිපයක්ම ධිවරයින් උද්ඝෝෂණයේ යෙදි සිටි අතර පසුව එම පිරිස විසිර ගියේය.

Werzuo Digital

Leave a Reply