මහමෝදර රෝහලේ හෙදියන් උද්ඝෝෂණයක

විශේෂ ශ්‍රේණියේ පවුල් සෞඛ්‍ය සේවිකා තනතුර සඳහා නවක පවුල් සේවිකාවක් පත් කිරිමට හා එයට ආදාල රාජකාරි වශයෙන් ඇතිවි තිබෙන ගැටලු වලට විරෝධය පල කරමින් ගාල්ල මහමෝදර රෝහලේ හෙද නිලධාරිනියන් විසින් අද (23) දහවල් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලදි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ විසින් විශේෂ ශ්‍රේණියේ පවුල් සෞඛ්‍ය සේවිකා තනතුරු ලබා දීමේදී කිසිදු ක්‍රමවේදයක් නොමැතිව ඔවුන්ගේ පුහුණු කාලය පාදක නොකර හිතුමතේ තනතුරු ලබාදී වැටුප් තල වල පිහිටුවීම නිසා උද්ගත වූ ගැටළුවක් හේතුවෙන් මෙම ප්‍රශ්නයට ඉක්මනින් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණය පවත්වන ලදි

එක්සත් හෙද නිලධාරි සංගමයේ ගාල්ල ශාඛාව විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණයට මහමෝදර රෝහලේ හෙදියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Werzuo Digital

Leave a Reply