කරාපිටිය රෝහලේන් විස්මිත සැත්කමක්

ගාල්ල,  රත්ගම මොරොයිතුඩුව ප්‍රදේශයේ කාන්තාවකගේ වම අත හරහා උරස්කුහරය දක්වා පසාරුකරගෙන ගොස් තිබු මසුන් මැරිම සදහා යොදාගනු ලබන අඩිපහක පමණ යකඩ කුරක් ඉතා සාර්ථක සැත්කමකින් පසු  ඉවත් කිරිමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය ඒකකයේ ශල්‍ය වෛද්‍යවරුන්වන රසික පතිරණ හා  පාලිත බටදුව යන මහත්වරුන් සමත්ව තිබේ

සැත්කමට ලක්කළ මෙම කාන්තාව  40 හැවිරිදි වියේ පසුවන දෙදරුමවකි. මෙම කාන්තාවගේ සැමියා විසින් පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ඇයට මසුන් මැරිමට යොදාගනු ලබන යකඩකුරකින් ඇන තිබුණි..  

පසුව ඊයේ (07)  අළුයම 1.30 පමණ යකඩ කුරපිටින්ම ඇය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය වාට්ටුව වෙත ඇතුලත්කරනු ලැබිය. එම අවස්ථාවේ දි ඇය සිහිසුන්ව සිට ඇති අතර පසුව මෙම වෛද්‍යවරුන් දෙදෙනා ඇතුළු කණ්ඩායමක් විසින් පැය එකහමාරක පමණ ශල්‍යකර්මයකින් පසු  අඩි 05ක් පමණ දිගින් යුතු මෙම යකඩ කුර ඉවත්කොට කාන්තාවගේ ජිවිතය බේරාගැනිමට කටයුතු කර තිබේ

මේ වනවිට එම කාන්තාව ඉතා හොද සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය

සිද්ධියට සම්බන්ධ සැකකාර සැමියා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකර අත්අඩංගුවට ගැනිම සදහා රත්ගම පොලිසිය පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි..

Werzuo Digital

Leave a Reply