රටම විනාඩි දෙකක් නිහඬ වෙමින් සුනාමිය අනුස්මරණය කෙරේ (PHOTOS)

2004 වසරේ දෙසැම්බර් මස 26වන දින මෙරට කම්පා කල සුනාමි ඛේදවාචකය සිදුවී අදට වසර 17කි. එය අනුස්මරණය කරමින් එම ඛේදවාචකයෙන් මියගිය සියලු දෙනා සිහිකරමින් සර්ව ආගමික වතාවත් සිදුකොට මිය ගිය අයගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පැරෑලිය පිහිටි සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සිදුවිය.  
පැරෑලිය ප්‍රදේශයේදී සිදුවූ ලොව දරුණුතම දුම්රිය අනතුර සිහිකරමින් කොළඹ සිට පැරෑලිය දක්වා විශේෂ දුම්රියකින් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ඇතුලු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද පුෂ්පෝපහාර දැක්වීමක්ද සිදුවිය.

මීට වසර දාහතකට පෙර සිදු වූ සුනාමියට හසුවූ මරදානේ සිට මාතර දක්වා ධාවනය වූ අංක 50 දරණ එන්ජිම සහිත දුම්රියේ ගමන් ගත් 1200කට අධික පිරිසක් මියගියහ.

සුනාමියට අසු වූ දුම්රියේ ගමන් ගත් පිරිසගේ ඥාතීහු කොළඹ තෙල්වත්ත පැරෑලිය දුම්රිය ස්ථාන ගියහ.

සුනාමියට අසු වූ දුම්රිය එන්ජිම සහිත දුම්රියකින් මේ අනුස්මරණය සදහා පැමිණීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය මෙන්ම සර්ව ආගමික පූජකවරුන් හා, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල, ශාන් විජයලාල්, ගාල්ල දිස්ත්‍රික් ලේකම්  ශාන්ත වීරසිංහ, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගීවිය.
Werzuo Digital

Leave a Reply