දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව සටන් කල ඩෙස්මන්ඩ් ටුටූ අභාවප්‍රාප්ත වෙයි

නොබෙල් සාම ත්‍යාග ලාභී දකුණු අප්‍රිකාවේ අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටු හිමිපාණන් අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

මියයන විට උන්වහන්සේගේ වයස අවුරුදු 90 ක් විය

දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රාමෆෝසා විසින් ඔහුගේ අභාවය තහවුරු කර තිබෙන බවද එම වාර්තා සදහන් කලේය 

අගරදගුරු ටුටූ “නිදහස් වූ දකුණු අප්‍රිකාවක්” දායාද කිරීමට උදව් කළ බවද ඔහු පැවසීය.

නෙල්සන් මැන්ඩෙලාගේ සමකාලීනයෙකු වූ ඔහු 1948 සිට 1991 දක්වා දකුණු අප්‍රිකාවේ කළු බහුතරයට එරෙහිව සුදු සුළුතර රජය විසින් බලාත්මක කරන ලද වාර්ගික වෙන්කිරීමේ සහ වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්තිය අවසන් කිරීමේ ව්‍යාපාරය පිටුපස සිටි ප්‍රබල චරිතයකි.

වර්ණභේදවාදී ක්‍රමය අහෝසි කිරීමේ අරගලයේ ඔහුගේ භූමිකාව වෙනුවෙන් 1984 දී ඔහුට නොබෙල් ත්‍යාගය පිරිනමන ලදී.

මානව හිමිකම් පිළිබඳ ප්‍රබල හඩක් නැගූ චරිතයක් ලෙසයි ඩෙස්මන්ඩ් ටුටු හිමිපාණන් සැලකෙන්නේ..

Werzuo Digital

Leave a Reply