30 දෙනෙකු ඝාතනය කර පිළිස්සූ බවට මියන්මාර හමුදා පාලනයට චෝදනාවක්

මියන්මාරයේ ගැටුම් පවතින ප්‍රදේශයක් වන කායා ප්‍රාන්තයේ කාන්තාවන්, ළමයින් ඇතුළු 30 දෙනෙකුට වැඩි පිරිසක් එරට හමුදා පාලනය විසින් ඝාතනය කර පුළුස්සා ඇතැයි මානව හිමිකම් කණ්ඩායමක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය..

ඊයේ (25) මෙය සිදුව ඇති අතර ඔවුන් අභ්‍යන්තරව අවතැන් වූ පිරිසක් බවටයි විදෙස් වාර්තාවල දැක්වුණේ.

එම ස්ථානයට ගිය බව පැවසූ ගැමියෙක් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසුවේ සිකුරාදා මෝ සෝ අසල කොයි න්ගන් ගම්මානය අසල සන්නද්ධ කණ්ඩායම් සහ මියන්මාර හමුදාව අතර ඇති වූ සටන අතරතුර සරණාගතයන් පලා ගිය බවයි. නගරයේ බටහිර ප්‍රදේශයේ සරණාගත කඳවුරු වෙත යමින් සිටියදී භට පිරිස් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් ඝාතනය කර පුළුස්සා ඇති බව ඔහු පැවසීය.

 නිවෙස් බලා යමින් සිටි තම කාර්ය මණ්ඩලය දෙදෙනෙක් “සිද්ධියට හසු වී අතුරුදහන්ව සිටින” බව Save the Children ආයතනය පැවසීය

කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් එරට රජය අදහස් දක්වා නැති අතර රජයට පක්ෂ මාධ්‍ය වාර්තා කර ඇත්තේ මියන්මාර හමුදාව විසින් ත්‍රස්තවාදීන් පිරිසකට වෙඩි තැබූ බවය..

Werzuo Digital

Leave a Reply