සුනාමියට හෙටට වසර 17 යි – ප්‍රධාන සැමරුම හික්කඩුව පැරෑලියදී

සුනාමි ව්‍යවසනය සිදුවී හෙටට වසර 17 ක් සපිරෙයි. 

2004 සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදා වලින් මිය ගිය සියළු ශ්‍රි ලාංකිකයන් සිහිපත් කිරිම සදහා සියළුම රටවැසියන් හෙට (26) දින පෙරවරු 9.25 සිට පෙ.ව 9.27 දක්වා විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් රැකිමට එක්වන ලෙස අපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි..

මෙහි ප්‍රධාන අනුස්මරණ වැඩසටහන හෙට හික්කඩුව – පැරෑලිය දුම්රිය අනතුර සිදුවූ ස්ථානයේ පිහිටි ස්මාරකය අසල පැවැත්වීමට නියමිතයි.

2004 දෙසැම්බර් 26 වනදා ඇතිවූ සූනාමි ඛේදවාචකයෙන් කොළඹ පිටකොටුවෙන් පෙරවරු 06.55 මාතර බලා ධාවනය වූ අංක 50 යන දුම්රිය තෙල්වත්ත පැරෑලිය ප්‍රදේශයේදී සූනාමි රල පහරට අසූව විශාල ජීවිත හානියක් සිදුවිය. මෙහිදී දුම්රියේ ගමන් කල හා ප්‍රදේශවාසීන් 1500 කට වැඩි පිරිසක් මිය ගියහ..

ඊට සමගාමීව සියලු දිස්ත්‍රික්කවල ආගමික වැඩසටහන් සිදුකිරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සැලසුම් කර තිබෙනවා.

Werzuo Digital

Leave a Reply