සිය කුඩා දරුවන්ට නොසලකා කෘෘරත්වයට පත්කල මව සහ පියා රිමාන්ඩ්

බාල වයස්කාර කුඩා දරු දෙදෙනාට නොසළකාහැර කෘෘරත්වයට පත් කිරිම සම්බන්ධයෙන්  පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදරිපත් කරන ලද මවක් සහ පියෙකු ජනවාරි 11 වනදා දක්වා රිමාන්ඩ් කිරිමටත් දරුවන් දෙදෙනා කිතුලම්පිටිය ළමා නිවාසයට බාර දිමටත්  ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනී පතිරණ මහත්මිය පසුගියදා (28) නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ යක්කලමුල්ල පදිංචි 42 හැවිරිදි  සහ 24 හැවිරිදි යන මව්පියන් දෙදෙනෙකි.
ළමා නිවාසගත කරනු ලැබුවේ ඔවුන්ගේ අවුරුදු 03 මාස 08 වයස සහ අවුරුදු 01 මාස 09 වයසැති පිරිමි දරුවන් දෙදෙනෙකි.
සැකකාර මව්පිය දෙදෙනා සහ දරුවන් දෙදෙනා අධිකරණයට ඉදරිපත් කරමින් පොලිසිය කියා සිටියේ මව සහ පියා අතර ඇතිවු ආරවුලක් නිසා ඉකුත් 24 වනදින මව නිවසින් පිටව ගොස් 27 වනදින යලිත් ඇය ආත්තම්මාගේ නිවසට පැමිණ ඇති බවය.
මේ අතර ඇයගේ අතුරුදහන්විම සම්බන්ධයෙන් සැමියා පැමිණිලිකර තිබු නිසා ඔවුන් පොලිසියට කැඳවු බවද පසුව සුදුසු පියවර ගැනිම සඳහා යක්කලමුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි කාර්යාලයට යොමුකල බවද පොලිසිය කියා සිටියේය.
එහිදි ළමයින්ටත් වස පොවා තමන්ද අරක්කු බි වස පානය කරන බව පියා පැවසිම නිසා ඒ බව පොලිසියට දන්වා ඇත. ඒ අනුව දරුවන්ගේ ආරක්ෂාව සඳහා මව්පිය දෙදෙනා සහ දරුවන් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ දරුවන් ළමා නිවාසගත කිරිමටත් මව්පිය දෙදෙනා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමටත් අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය. 
යක්කලමුල්ල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක රණතුංග මහතාගේ උපදෙස් පරිදි  සැරයන් විජිතනන්ද (58888) මහතා විසින් මව්පිය දෙදෙනා සහ දරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
Werzuo Digital

Leave a Reply