භූමි තෙල් වෙනුවට ගුවන් යානා ඉන්ධන

ඉදිරියේදී භුමිතෙල් හිඟයක් රටේ ඇති වුවහොත් වූ විට වෙනුවට ගුවන්යානා ඉන්ධන යොදා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරන බව එම අමාත්‍යංශය ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා ප්‍රකාශ කර ඇත
මෙම ඉන්ධන යොදා ගැනීම සම්බන්ධව කිසිදු බියක් ඇති කරගත නොයුතු බවත්  සියයට සියයක් විද්‍යාත්මකව එම ඉන්ධන යොදා ගැනීම තහවුරු වී ඇති බවද ලේකම්වරිය ප්‍රකාශ කර ඇත.
මින් පෙර ද අවස්ථාවන් කීපයක දී භූමිතෙල් වෙනුවට ගුවන්යානා ඉන්ධන යොදා ගෙන ඇති බැවින් මෙය අලුතින් අත්හදාබැලීමක් නොවන බව ඇය ප්‍රකාශ කළාය. මෙම ඉන්ධන වර්ග දෙකෙහි ඇති ප්‍රධානම වෙනස වර්ණය පමණක් බවත් ගුවන් යානා තෙල්වලට භූමිතෙල්වල වර්ණ ගැන්වීමක් සිදු කරන බවත් ඇය පවසා සිටියා.
“ලෝක වෙළෙඳ පොළේ කෙරෝසින් එහෙමත් නැත්නම් භූමිතෙල් කියලා ඉන්ධනයක් නැහැ තියෙන්නේ ගුවන්යානා ඉන්ධන කියන ජෙට් ඔයිල් එක. සියට සියක් අපට තහවුරු කරන්න පුළුවන් භූමි තොගයක් ඇති වෙන්නේ නැහැයි කියලා. නමුත් හදිසි අවශ්‍යතාවයක් මතු වුනොත් අපි ළඟ දැනටමත් ජෙට් ඔයිල් තියෙනවා. අපි එක භූමිතෙල් විදියට දෙනවා. කිසිදු අහිතකර තත්ත්වයක් නැහැ ඒ සම්බන්ධයෙන්” යැයි මෙහිදී ලේකම්වරිය අවධාරණය කර තිබේ.
ඇය වැඩිදුරටත් පවසා සිටියේ භූමිතෙල් මේ වන විට වෙළෙඳ පොළේ ලබාදෙන්නේ සහනාධාර ක්‍රමයකට බැවින් ඒ වෙනුවට යොදා ගන්නා ගුවන් යානා ඉන්ධන මෙම ක්‍රමයටම ලබාදීමට කටයුතු කරන බවය.
Source – අරුණ 
Werzuo Digital

Leave a Reply