බූස්ටර් මාත්‍රාවෙන් ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව 88% රැකවරණයක්

කොවිඩ් එන්නත් තුන්වන මාත්‍රාව හෙවත් බුස්ටර් මාත්‍රාව ලබාගැනීමෙන් විකෘති ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයට එරෙහිව සියයට 88ක රැකවරණයක් ලැබෙන බව බ්‍රිතාන්‍යය සිදුකළ නව අධ්‍යයනයකින් තහවුරු වී තිබෙන බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔමික්‍රොන් ආසාදනයෙන් රෝහල්ගත කිරීම එමගින් බොහෝදුරට වළක්වා ගත හැකි බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය (UKHSA) සිදුකළ එම අධ්‍යයනයෙන් හෙළිවී ඇත

ශීඝ්‍ර සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඔමික්‍රොන් ප්‍රභේදය පසුගිය නොවැම්බරයේ දී බොට්ස්වානා සහ දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයා ගැනුණු අතර මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වී තිබෙන අතර වෛද්‍ය විශේෂඥ මතය වී ඇත්තේ කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ලබා මාස 6ක් ගත වූ පසු ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහි ශක්‍යතාව සියයට 52 දක්වා පහත වැටෙන බවයි.

මේ අතර  ශ්‍රී ලංකාවේ ඔමික්‍රොන් (omicron) වෛරසය පැතිර යන වේගය බටහිර හා දකුණු අප්‍රිකාවේ තත්ත්වයට සමාන වේගයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව ඔමික්‍රොන් (omicron) ආසාදන රැල්ලක් අබියස සිටින බව ඔවුන් සඳහන් කර තිබේ. එබැවින් ප්‍රමාදයකින් තොරව බූස්ටර්(booster) මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටි..

Werzuo Digital

Leave a Reply