කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ මෘතශරීර 3305 ක් මඩකලපු ඔට්ටමාවඩි සුසාන භූමියේ භූමිදානය කොට අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 වැළැක්වීමේ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කර ඇත.
කොවිඩ් මෘතදේහ භූමදානය කිරීම සඳහා මෙම සුසාන භූමියේ ඇති ඉඩකඩ පහසුකම් තවදුරටත් ප්‍රමාණවත් බව ඔහු ප්‍රකාශ කර ඇත.
ඒ අනුව,
මුස්ලිම් ආගමිකයන්ගේ මෘත දේහ – 2824
හින්දු ආගමිකයන්ගේ මෘත දේහ – 228
කතෝලික ආගමිකයන්ගේ මෘත දේහ – 73
බෞද්ධාගමිකයන් ගේ මෘත දේහ – 190
මෙම සුසාන භූමියේ මිහිදන් කර ඇත
කොවිඩ් මරණ අඩු වීමත් සමග මෘත දේහ භූමදානය කිරීම සඳහා දෛනිකව රැගෙන නොයන බවද වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත